Font size:
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

දුක සෝකය මා හට නම් පුරුදුයි හැමදාම
ආද‍ර වදනින් මා හද පෙළුවේ ඇයි මෙලෙස
සමුගන්නට නම් අහිමිවු ආද‍රයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස

මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටී නමි මට සැපතකි හැමදාම
ආදරයක ඇති වේදනාව දැනෙනවුදාක
(සිහිවෙයිද මගේ සොඳුරියේ බිදුවක් යළි මතක)..////
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.