Font size:
බත් කූරෝ බත් ටික කෑවෝ අං කූරෝ අඟේ ඉඳන් කන කෑ මිතුරෝ ළං වී උන්නෝ වල පෙන්නා උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ...... නාගන්න හොඳම තැන කියා ලෝ දියම පෙන්නුවේ පුතා පාගන්න හොඳට ඔළුව මෙන්න ඉතින් පාගපන් සනා දරාගන්න නියම හිත කියා කියා කියා ලෝකේම ගිනි තියා ගියා ගියා ගියා නටාගන්න බැරිම උන්ට ඇදට තියෙන ලෝකයක් එපා...... බත්කූරෝ....... හිතාගන්න බැරිද මිත්‍රයා ළඟින් ඉන්න සර්පයා මෙයා එපා බොන්න නිවපු වතුර ඒක යටින් ගින්දරත් ගියා බදාගන්න නියම තැන බලා බලා බලා වටේ ඉන්න උකුස් ඇස් වසා වසා වසා හිනාවෙන්න ඉන්න අයට හොඳට පේන්න චාටරේ පුතා...... බත්කූරෝ......//
Singers
Data
Last updated May 2026