Font size:
සඳ අහිංසකයි සඳට වැඩිය ඔබ අහිංසකයි ඔබෙ සුවඳ දැනෙයි ඔබ මං ලඟ ඉන්නවා වගෙයි මගෙ සිත මගෙ වුනාට මගෙ සිත ඔබ ගාව නැවතිලා ඔබෙ රුව ඔබෙ වුනාට ඔබෙ රුව මගෙ හදේ සැඟවිලා දෙතැනක පෙම් කලාට දහසක් පැතුම් පීදිලා හීනෙන් ලඟට ඇවිත් ඔයා කියයි යන්න බෑ කියා සඳ අහිංසකයි .... // ආදර කවි කියන්න කියලා දුන්නේ ඔබයි ලං වෙලා රහසින් මට කියන්න අහස තරම් ආදරෙයි කියා ඔබ මට නොදැක ඉන්න බෑ ඇස්වල කඳුළු පීදිලා හැමදාම ලඟින් ඉන්න හදේ සුසුම් යාවි වියැකිලා සඳ අහිංසකයි .... //
Data
Last updated May 2026