Home/Songs/නුරා වසන්තේ

නුරා වසන්තේ

Nura Wasanthe

Music: පසන් ලියනගේ Lyrics: උමා අසේනි
Font size:
(අඳුරේ ගිලී තනි වීලා මෙසේ 
නාඬන් ඉතින් සොඳුරී මගේ 
නොසිතා සිතා අතීතේ එදා 
බිඳුනාට මණිමේඛලා  
පිලිගන්නේ මා නුඹ සීතාව සේ 
හද මන්දිරේ සරසලා...//) 

ගංගා තරංගා පරදන්නෙපා  
ඔය දෑස කඳුලින් තෙමා 
පාවී ගියාවේ අතීතේ කතා 
සැඩ මාරුතේ රැලි හමා

නලලේ නුඹේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්‍රාර්ථනා   
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුඹ නිසා 
පිලිගන්නේ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා

ඔය දෑසේ පා ඒ මනබන්දනා 
පෙම්වන්ත සුරතල් සිනා 

සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සඳ දිහා බල බලා 
භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා සංසාර පතිනිය වෙලා 

(ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුඹ නිසා 
පිලිගන්නේ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා...//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.