Home/Songs/වෙන කාගෙවත් වෙලා

වෙන කාගෙවත් වෙලා

Wena Kagewath Wela

Font size:
වෙන කාගෙවත් වෙලා ඔබ ඉන්නෙපා
තව ආලයක් පතා නොයමි මෙමා
ටික කාලයක් ගියත් ඔබ වෙන්වෙලා
හුස්මක පවා මගේ ඔබ ඉන්නවා
දුක දන්න ඔබමනේ දුක ළංකලේ සදා
මට තේරැණේ දැනුයි ඔබ ගියේ  ඇයි කියා
තව දැනෙනවා දුන් වේදනා
මා දමා නික්මිලා ඔබ කොහේ ගියත්
තාම මං ආදරෙයි හිමි වුනේ නැතත්
නෑ ලොවේ ළං වෙලා මට ඔබ තරම්
දුන් සෙනේ මියැදිලා වෙන් වෙලා මගෙන්

පෙර දිනක හමුවෙලා මට පෑව ආදරේ
වෙන හිතක පැටලිලා ඔබ ගියපු කාරණේ
මට තේරුණේ දැනුයි  ඔබ ගියේ ඇයි කියා
තව දැනෙනවා දුන් වේදනා

වෙන කාගෙවත් වෙලා ......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.