Home/Songs/සොඳුරු සිත්තම්

සොඳුරු සිත්තම්

Sonduru Siththam

Music: චරිත අට්ටලගේ Lyrics: චමින්ද ගමගේ
Font size:
මුවගේ හස කැන් දිලුනේ
නෙතගේ කදුලැල් නිවුනේ
හදෙහී පැතුමන් පිපුනේ
සැනසූ වදනින් දෙඩුවේ…

දසුනින් නොමැකී රැඳුනේ
රිදෙනා සිතමයි හැදුනේ
නොබිදී සසරේ බැඳුනේ
ඇසුරේ ඔබමයි පැතුවේ
එකසේ දෙහදක් පිදුනේ…

ආදරෙන් මා වෙලා සොඳුරු සිත්තම් යොදා
සිහිනයක මා තබා ඇරයුම් කලා.....
විකසිතව ලං වෙලා සුවඳකට මුසූ වෙලා
රහස කොඳුරා ගියා  ඔච්චම් කලා…

නොගැයූ කවියක් වාගේ
නොලියූ පදවැල් මාගේ
මේ දිවි ගමනේ ඔබගෙනි ඇසුනේ
මතකේ රඳවා සොඳුරුම යාමේ…

හමනා පවනක් වාගේ
සිසිලයි ඔබ ගෙන ආවේ
කතරට වැටෙනා පොද වැහි වාගේ
දෙහදක් පතලා සිත් මල් යාමේ
පියමැන අපි යමු පැහැසර යාමේ …

ආදරෙන් මා වෙලා......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.