Home/Songs/කන්ද උඩින්

කන්ද උඩින්

Kanda Udin

Font size:
කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ
පුංචි මුවේ කොමල සිනා මල් හසරැල්ලේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ //

ලන්ද දිගේ නියර උඩින් එන ගමනේ
මන්ද ලදේ ගොයම් කරල් එබී බලන්නේ
ඔය ගමන් ලතාවේ වාසනා ගෙනාවේ //

කන්ද උඩින් ....

පායා එන සුසුම් සදේ ඔය ලස්සන පිරී තියේ
මගේ හිතේ අනන්ත වූ පැතුම් පිරෙන්නේ
මා ප්‍රාර්ථනාවේ සඳ ඔබයි කුමාරි //

කන්ද උඩින් ... 

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.