Font size:
ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති සැපට වැඩුණු කය පොළොවට දිරා යති අපට නොවේ බඹුටත් මරු ලඟාවෙති පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම ගඟේ මහිම නැතිවෙයි දිය හිඳුනාම දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම දීමෙන් හොඳ දීම දුගියට දන් දීම යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම කන බොන කෑම තනියම වලඳන්න එපා අසරණ කෙනෙක් ආ විට එලවන්න එපා අනුවණකමින් පව් සිදුකරගන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා //
Singers
Data
Last updated May 2026