සේපාලිකා
Sepalika (Tele Drama Theme)
Music: තීක්ෂණ අනුරාධ Lyrics: බුද්ධික කුලසේකර
Font size:
හිත අනන්තයට දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹේ සුවද ගෙනත් නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන් සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා .. සඳ මන්ඩලේ සදකැන් මැදින් නුඹ හැංගුනා මතකයි සැරයක් මුතු වැල් වගේ දිය රැල් දිගේ නුඹ දුර ගියා තව එක දවසක් සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා .. නිල් අම්බරේ හැඩ හංගමින් නුඹ හිනැහුනා මතකයි තවමත් හද මන්දිරේ දොරගුල් හරිමින් මන් පෙම් කලේ නුඹටයි කවදත් සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා ..