Home/Songs/මල් වියනෙන් බැඳි

මල් වියනෙන් බැඳි

Mal Wiyanen Bandi

Music: ශාන්ත දේශබන්දු Lyrics: සේනානායක වෙරලියද්ද
Font size:
මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන් - අකුරු කරන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවැල් - ආයෙත් බැද්දට එනවා මං

මල් පැණි මෝරන කාලෙට බැද්දේ - ගී පද ගොතලා තාලෙට කීවේ
සොරබොර වැව ළඟ කොමළිගෙ කෝමළ - නුවර කොහේවත් තිබුණා නමි

මහතුන් වෙනවාට වැඩිය හොඳයි මට -බැද්දෙ බතක් කර හිටියා නම්
මල්පට ඇරුණම කුරුළු මිටේ ගෙන - ආයෙත් බැද්දට එනවං මං
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.