මම වෙමි හිරු දෙවි
Mama Wemi Hiru Devi (Bera Handa)
Font size:
මම වෙමි හිරු දෙවි හිරු දෙවි මම වෙමි සරණ මෙදෙරණ නිබඳා....// සතුනි අසව් සැම අසව් සියල්ලම සතුනි මේ මිහිතල වෙසෙනා …// දෙව්ලෝ හැරලා මනුලොව පැමිණ දෙවිදෙකු කියනා මේ වදනා….// ඇතුළුව දෙව් බඹ සතුනි සියලු ඔබ දැනගත යුතුය මේ කරුණා…// මගේ ගවදෙන් රැළ ආ ගිය අත නැත සොයා දුනොත් උන් ඔහුට තෑගි ඇත (ඇතෙක් බරට රං දෙනවා…//) අහුමුළු හැමතැන අතුරු සිදුරු හැර සෙවුමුත් ගාලම උන් එකෙකුත් නැත (මගේ මුළු හදවත දනවා…//) ගියමුත් රට රට බලමින් වටපිට ලොවම පෙනෙන මට නොපෙනේ කිසි ලෙස තැනක් ඔවුන් දැන් සිටිනා…// නරයෙක් සුරයෙක් දෙවියෙක් ළමයෙක් ඇද්ද කිසි කෙනෙක් නැති බිය සැකයක් මෙවන් දෙයක් මට කරනා…
Data
Last updated May 2026