සප්ත ස්වරයයි
Saptha Swarayai
Music: නයන කරුණානායක Lyrics: හසිත විතානගේ
Font size:
නිසග පවග මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ රත තඹර මල් සුවඳ විහිදා බිගුන් බමනා ඈ වටා. ඇගෙ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැගුමන් රණ තිසර රුවැති ඇගෙ ලකල් ළමැදෙ මං සිහින සිහින වින්දෙම් සප්ත ස්වරයයි සුවද හමනා සප්ත ස්වරයයි ඈ සුවද හමනා හිත පුරා විසිරි මුතුලතා ඉහිරුනා රුවැති හද පතා හීන මුසු වුනු පාට තැවරුණු දෑස අබියස නැවතිලා ඇගෙ නිකිණි සිනහ මල්.. සප්ත ස්වරයයි සුවද හමනා සප්ත ස්වරයයි ඈ සුවද හමනා මෙපුර සුරඹ නද විදිමි විදිමි ඇගෙ මුව මතින් වයන රිද්මයේ නීල අඹරේ තුහින මල් වැහි තෙමෙනවා මා ආදරෙන් ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙන විට දැනෙන දැනෙන හැගුමනෙ මුදු සුමුදු සුවැති ඇගෙ ළකල් ළමැදෙ මං සිහින සිහින වින්දෙම් සප්ත ස්වරයයි සුවද හමනා....... සප්ත ස්වරයයි ඈ සුවද හමනා.......
Singers
Data
Last updated May 2026