Font size:
අන්තිම සටනේ හුස්මට සම වී විශ්මිත වූ ගමනේ දස්කම් පානා සිංහ පුතුන් ඒ වන්නියේ මහ කැලයේ බලාපොරොත්තුව රටට ගෙනල්ලා අත දිග සීමාවේ උදා ඉරක් පායයි අභිමානේ ඔබයි දැයක ජීවේ........ ගිනියම් වැල්ලේ ලෙයින් ලියාවී උස් අරමුණක හැටි දුක් විඳ සිත්සේ නෑ පසු බැස්සේ මරගුල් වලට ගැටී යුතුකම පපුවේ සුරකින සොයුරේ දෙපයම ගියත් සිඳී එකෙක් වැටෙද්දී දහස් පුතුන්ගේ සේනා පෙරට ඇදේ....... ගොඩ දිය ගුවනේ රට වට පවුරේ මුළු විසිහතර පැයේ නොනිදන දෙනෙතේ එළියයි සුවසේ යුගයක් එළිය කළේ පළඳින දවසේ ලක් මවගේ හිසේ කිරුළක් අතින් ඔබේ කරනා සටනේ දහදිය රතු ලේ සුවඳයි හෙටත් රටේ...... අන්තිම සටනේ.......