Font size:
(ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන් මේ දැන් අල්ලපු මාළු ලාබයි ගන්නකෝ යාලු....//) සිලින් තුනයි වැල උඩහ ගෙදර මැගී නෝනට මේ දැන් වික්කේ සත 10ක් අඩු කරලා දෙන්නම් ගන්නවද මැගී අක්කේ....// ඉස්සන් මගුරන්...../ බල පොතු මාළුවා ඇඟ ලේ වඩවයි මම නෑ කියන්නේ බේගල් කේවල් කර කර ඉන්නේ ඇයි තව ඔතලා දෙන්නද මෙබෙල්....// ඉස්සන් මගුරන්..../ හෙට්ටු කරලමයි වලවුවේ නෝනා නිතරම ගන්නේ තුට්ටුවේ වාසියවත් මට ලැබෙන්නේ ඔහෙලා වගේ අයගෙන්නේ....// ඉස්සන් මගුරන්..../