Font size:
මංගල නැකතින් යන්නට සුභ වෙලාව ලංවිය දියණි අපේ සෙවණ හැර අපට නොරිදවා ඔබ අපගෙන් සමුගන්නේ සුභ ගමනක් වේවා සුදු දුව සුභ ගමනක් වේවා මමත් ඔබ වගේ මංගල නැකතින් යන්න මවුපිය නොරිදා ආ වග සිහියට ගන්න දෙවියෙකු වැනි විය ඔහු මට සැම සැප දුන්න මටත් වගේ එය ඔබටත් හිමිවන්න සුභ ගමනක් වේවා සුදු දුව සුභ ගමනක් වේවා... මංගල නැකතින්... මගේ සුසුම ලෙස ඔබේ සුසුම මට හැඟුනේ මගේ සුවඳ ලෙස ඔබේ සුවඳයි මට දැනුනේ ඔබේ රුවමයි මේ නිවසේ හැමතැන පෙනුනේ නොබිඳෙයි සුදු දුව මේ සෙනෙහස සසරේ සුභ ගමනක් වේවා සුදු දුව සුභ ගමනක් වේවා...//