Home/Songs/සඳ අයිතිය

සඳ අයිතිය

Sanda Aithiya

Music: ආර් එන් ජී රාජපක්ෂ Lyrics: ආර් එන් ජී රාජපක්ෂ
Font size:
සඳ අයිතිය සඳ සාවුන්ට 
හිරු අයිතිය නිල් ගුවනතට
සඳුගේ හිරුගේ එළිය අරන් 
ගුරු දෙගුරුන් බහ උදුරන්
මල දෙන්නලු පෙම් කළ ඔහුට.....

වෙල් එලියෙන් එන පුස්ඹයි
තුරු වදුලේ ගුමු ගුමුවයි
මතකයි නම් නංගෝ නුඹට
අමතක ඇයි සුදු අයියා අද.....

සඳ අයිතිය.....

පිපුණු පියුමේ හැඩ පෙනුමෙන්
හමන නැවුම් මුදු සුවඳින්
රැක ගත්තා නම් මං නුඹව
බහ දුන්නේ ඇයි බඹරෙකුට.....

සඳ අයිතිය.....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.