Home/Songs/මහා ශාක්‍ය කුලේ

මහා ශාක්‍ය කුලේ

Maha Shakya Kule

Pem Kakula Pipi
Font size:
මහා ශාක්‍ය කුලේ 
මහා ශාක්‍ය කුලේ ක්‍රීටය සම්බුද්ධ සමින්දේ 
වන්දාමි ශ්‍රි පාද කමල් රශ්මි කදම්භේ//

සල් මල් වනේහි ලුම්බිණියේ වෙසඟ පෝ දිනේ 
මනරංජානවේ සිරි සිදුහත් කුමරු බිහිවුණේ//
අති පූජනීය බුද්ධ ගයා බෝධි මූලයේ 
ඒ භාග්‍යවත් ලොව්තුරු බුදු විය 

මහා ශාක්‍ය කුලේ...

මහා භාරත මල්ල රජුන් පුෂ්ප අංගනේ//
ලෝකාග්‍ර මෛත්‍රී මුර්දී අමා මෑණි ඒ දිනේ 
සැතපී නුවන් පියා පරිනිර්වාණ මංචකේ//
නිවනේ නිවනේ 
නිවනේ පිරි නිවනට වැඩියෝ 
වෙසඟ පෝ දිනේ

මහා ශාක්‍ය කුලේ...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.