ගෝමර මාලා
Gomara Maala
Music: නුවන් තේනුවර Lyrics: දුශාන්ත රාජපක්ෂ
Font size:
ගෝමර මාලා වත සරසාලා හැඩ වැඩ ගමනට ඉඟ නලවා වරලස මුදලා ඔසරිය අන්දාලා කෝල සිනහවෙන් මුව සරසා නුඹේ රුව දැකලා හිත මගෙ සැලිලා යන්ට හිතයි මගෙ දිවි හැරලා මගේ සුදු මැණිකෝ මගේ රන් මැණිකෝ බහ දීපන් මට දිවි සනසා වැවෙන් නෙලා ගෙන මානෙල් මල් වැල් ඔබෙ වත ගවසන්නම් චාටු කුනාටු දාන හිපාටු අල්ලලා එලවන්නම් වෙරළු දොඩම් කජු පැණිවරකා සීනි ලොසින්ජර් වැලි තලපා ආල නුරාමල් සිහින පොකුරු වැල් පැදුරු ඇදේ නුඹ සතපන්නම් මැනිකගේ ලස්සන දුටු විට කාගෙත් හදවත වාවයිද ගමේ අනිත් හැම ගැටිස්සියන් නොව නුඹමයි මට උරුම කාටත් නොකියූ රහසක් මන් දිනයක ඔබ හට පවසන්නම් දත කට මැද ගෙන උබෙ අත අරගෙන හඳ පානේ පැනලා යන්නම් බොල ගෝමර මාලා වත සරසාලා ...//