Font size:
ඔය ඇස් දෙක මනසේ තියාගෙන මං හඬන තරම් මගේ අත් දෙක පපුවේ තියාගෙන පොරොන්දු දුන්න තරම් දැක්කත් නොදැක්කා වාගේ යද්දී ඔයා ළඟින් සුපුරුදු සුවඳම දැනුණා හීනෙම ඔයා අරන් හීනෙම ඔයා අරන්...... අන් සතු බව කීවා නම් ළං වෙන්නෙම නෑ මට ඉන්නේ ඔයා විතරයි කිව්වේ ඇයිද කලින් වෙනසක් පෙනුනේම නෑ සිනහවෙන්වත් ඔබෙන් අහිමිව ගියා මගේ වෙලා ඉඳලා ඔයා ළඟින් ඉඳලා ඔයා ළඟින්....... විඳිමින් හැම දෙයක් කුළුඳුලේ ආදරේ බැඳි සිතින් නොමැකී තියේ හදේ තාමත් මතකේ ඔයා නමින් නොපෙනී යනතුරා ඈතට හිඳිමින් බලා ඔහේ වැළපෙයි හිත මගේ විඳිමින් වේදනා අද ඔබෙන් වේදනා අද ඔබෙන්....... ඔය ඇස් දෙක......