Font size:
පාංකිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි පාංකිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි පාංකිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන්ගත්තේ අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ කොහේද හිඳ පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ උන්ගෙ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ පාංකිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා කෑඳැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා ළඟට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා
Singers
Data
Last updated May 2026