අකලට වට මහ
Akalata wata maha
Music: නන්දා මාලනී Lyrics: දයා ද අල්විස්
Font size:
අකලට වට මහ වරුසාවක් සේ අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක ඇයිදෝ යළි ආවේ පෙරදා මෙන් හද මල් පිපුනාදෝ සතුටු කඳුළු නුඹ ළඟ මිදුනාදෝ අතීත ආදර නටඹුන් අතරේ මන්දිර මැව්වාදෝ සොවක් නැතේ නොසිතනු මැන සංකා ඔබෙන් ලබනු කුමටද අනුකම්පා රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි සතුටයි කිරුළ අපේ හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ විමසන වදනට පිළිතුරු දෙන්නම් ළඟකදී ලබන දිනේ අකලට වට මහ වරුසාවක් සේ.... (ඇයිදෝ යළි ආවේ...//)
Singers
Data
Last updated May 2026