Font size:
අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී මා ළඟ නිදි වැරුවා මට හීන ගෙනාවා ඒ හීන පිබිදුවා මට අකුරු කියෙව්වා මගේ දෑස පෑදුවා ඉර හඳද පෙන්නුවා හොඳ නරක පැහැදුවා පාසලට හැරලුවා මගේ කඳුළු පිසලුවා නිම් නෑ මගේ අම්මේ ඔබේ සිහින සුසරේ ඔබගේ කරුණාබර ආදරේ සදා මිය යනතුරු මේ ලොවේ ඔබේ මුදු ගුණ ගැයවේ ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා..... අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී මා ළඟ නිදි වැරුවා මට කිරුළ හිමි කළා මා ලොවට පැළඳුවා මට ජයම අත් කළා ඔබ කඳුළු සැඟවුවා ඔබේ අහසේ මා තබා ඔබ ලොළොවෙම සිටියා මා මිනිසකු වූදා ඔබ මවකම වූවා නිම් නෑ මගේ අම්මේ ඔබේ සිහින සුසරේ ඔබගේ කරුණාබර ආදරේ සදා මිය යනතුරු මේ ලොවේ ඔබේ මුදු ගුණ ගැයවේ ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා..... (අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී මා ළඟ නිදි වැරුවා.....//)
Singers
Data
Last updated May 2026