Font size:
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳී පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ (සඳ නොදනින නමුදු සඳට එළිය හිරු ගෙනි ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි...//) සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි කතරක තනි වී.... (විසල් තුරු මුදුන් පල නැත නොපිපුණ කැකුළු දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු...//) ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී මගෙත් දෙපා සිපගනු මැන සිහිල සිතට දී කතරක තනි වී....
Singers
Data
Last updated May 2026