Home/Songs/මීදුම් සේල ඉහලට එසවුනු රෑක

මීදුම් සේල ඉහලට එසවුනු රෑක

Meedum Sela Ihalata Esawunu Raaka

Font size:
මීදුම් සේල ඉහලට එසවුනු රෑක
හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම
ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක
නුඹ හැර නොගියෙ මා පමණයි හැමදාම //

සිහින කුමරු අත ගෙන සිනමා අඳුරේ
අවන් හලේ ලැගුම් කුටියේ සීත ඉමේ
තෙරපුන නුඹෙ ගත සිත රඳවා ඉවුරේ
කුමරුන් පැනගියෙද නුඹ නිදනා අතරේ //

සිහින කැප කලේ මා තනි රකින්නයි
මා තනි කලේ සිහිනය දකින්නයි
පිරිපිඬු ගෙන ආවේ නුඹෙ කුස පුරවන්නයි
සුජාතාවනී මා තවමත් එහෙමයි //

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.