Font size:
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිම වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ දුර ඈත ගං තෙරේ සැඩ සීත මාරුතේ වෙලී ගත ඈ දැත ගෙන මා හීන් වැහි කෝඩයේ මුව කමල ආදරෙන් සිප ගතිමි සීරුවෙන් හැඟුම් මතකයි රැඳුන නෙතඟේ එවන් සැන්දැ කලේ හිත මා සොරාගෙන...... විලෝතුරු මං පෙතේ සඳ උවන පිපි රැයේ කෝල ලෙස ඈ දැස සැලුවේ දැල වැල් පාලමේ හද විලම ආදරෙන් සසල විය මුදු සරින් හැඟුම් සොඳුරුයි රැඳුන මතකේ එවන් සැන්දැ කලේ හිත මා සොරාගෙන.......
Singers
Data
Last updated May 2026