Home/Songs/දූ දරුවන් අප අතහැර යාවී

දූ දරුවන් අප අතහැර යාවී

Du Daruwan Apa Athahara Yawi

Font size:
දූ දරුවන් අප අතහැර යාවී උන්ගෙ දරුවන් රකිනු තියා
මුත්තනුවන් මිත්තනියන් තනිවෙමු මහගෙයි උළුහව් පියසි වටා

විලඳ නැතත් මොනවාහරි කවලා හැදුවේ අප ළඟ රැදෙයි කියා
මොනවා කරන්නද සැනසෙමු දෙන්නා උන්ටත් කල යා යුතුයි කියා
මායිම් වැටකොටු සමව බෙදාගෙන සොහොයුරු පෙම නපුරට නොයා
යෝධ බලය හයි හත්තිය ලැබගෙන අඹු දරු සුරකිනු මැනවි සදා

දූ දරුවන් අප ...........

අතක් පොවන මායිම් වල බිත්ති කුරුටු අකුරු නොමැකී තියෙනා
තනිකම නොමදෙනු ඇත අපි දෙන්නට පුංචිම සන්දිය සිහි ගන්වා
නුඹලගෙ දරුවන් නුඹලා හැරයන දිනයක මේ දුක කරපින්නා
අපි දෙන්නා වාගේ ඉවසනු මැන නොහොද නෝක්කාඩු නොම වෙන්නා

දූ දරුවන් අප .........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.