Home/Songs/සමනලියා

සමනලියා

Samanaliya

Music: අස්ලන් ශරිෆ්දීන් Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
(අවා සොයා මගෙ සමනලියා 
එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා 
සැනෙකින් මා මග හැර කාටත් හොරා 
හැංගෙන්නට බැරි වෙයි මගෙන් සදා...//) 

ඔබ හිතුවත් හිත වැටුනේ නෑ කියා 
නෙත් මාවත් ගෙන ඔබ වෙතම ගියා 
නොදුටුව සේ සිටියත් අහකම බලා 
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා 
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා 

අවා සොයා මගේ සමනලියා.... 

හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා 
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා 

පෙම් කෙරුවත් එක එල්ලේ ඔබට මා 
මා ගැන හැඟුමක් කෙල්ලේ ඔබට නෑ 
සුළඟක් සේ යනවද අහකට හමා 
දැලකින් වහලා අල්ලා ගන්නේ නෑ ඔබව මා 
දැලකින් වලකා නවතා ගන්නේ ඇයි ඔබව මා 

අවා සොයා මගේ සමනලියා....

හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා 
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා 

Rap
සමනලී කියන්නෙම මමලු පලි 
නුඹේ අත්තටු කැපුවද ගියත් වලි 
හැමදාම මං වැරදි ඔයා හරි
සිංහයෙක් ඉද්දි ඇයි පස්සෙන් යන්නේ නරි 
නුඹේ හිතේ මට ඉඩකුත් නෑ 
එත් දාල යන්න මට හිතකුත් නෑ 
ළඟින් හිටපු මට කවුරුත් නෑ 
ඒත් හිතේ කොනකවත් තරහක් නෑ
සුන්දරි ඒත් හිත ගින්දරී 
හැඩ වෙන්න ගිහින් වුනා හැඩි 
ආදරේ නිසා මම වෙලා මැඩී 
පිස්සෙක් වුනානේ මම නින්ද නැති

අවා සොයා මගේ සමනලියා....

හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා 
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හුරතල් කලා 
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.