Font size:
ආලයේ ගාථා සජ්ජායනා කළා ආලයේ මන්ත්‍ර සියවරක් ජප කළා චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා සාදුතර ස්වප්නයට නිගා දී ඔබ ගියා…… ස්නේහයේ චුම්බනය නළල මත වගුරුවා ආලිංගනය සුරස මතක පොත තුල හොවා ප්‍රේම ආරාමයේ කැණි මඬල බිම හෙලා චාරුතර වසන්තය නිමා කර ඔබ ගියා...... සුපුෂ්පිත හදවතේ සුගන්ධය විහිදුවා සුරක්ෂිත දොරටුවේ සෙබල මුළු විසුරුවා ප්‍රේමයේ අභය භූමියේදි මා නසා මධුර මධු කුසලාන කඩා බිඳ ඔබ ගියා...... ආලයේ ගාථා......