Home/Songs/මගේ පැල්පතේ මා

මගේ පැල්පතේ මා

Mage Pel Pathe Ma

Font size:
මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා 
තනියේ ගැලී මා ගයමි මෙසේ 
කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි 
ගමනේ ලතාවයි සිහිවේ හදේ 

මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී 
කවදත් ඔබයි ආදරේ මට ලං වී 
මගේ සිතේ සැනසුමක් ඇති වේ නම් 
ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන් 

මගේ පැල්පතේ...

ඔබ කී කතා රස කතා අද වගේ 
සිහිවේ ළයේ සැනසුමයි එය මගේ 
සැමදා මෙසේ සිත සිත මම ඉන්නම් 
ලැබුණොත් ප්‍රියේ වාසනා අත ගන්නම් 

මගේ පැල්පතේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.