සුදු වැලි විසිරුණු
Sudu Wali Visirunu
Music: විජය බණ්ඩාර වැලිතුඩුව Lyrics: ලලිත් වසන්ත
Font size:
සුදු වැලි විසිරුණු මාවත අද ඔබ යයි අවසන් ගමනේ ඔබ හා එන්නට මා පින් කර නැත ඇයි අප වෙන් කෙරුනේ දෙනුවන් අතරින් ගිලිහුණු කඳුළක් ඔබ හට සමු දුන්නා මතකය මසිතෙන් සමුදුන්නේ නෑ ඔබ මා ළඟ උන්නා නොමියෙන සැමරුම් නටබුන් විලසින් මා ලය තුළ තනිවේ ගිනිගත් සොහොනේ ඔබ හා දැවුනා පැතුමන් මගේ ජීවේ සුදු වැලි විසිරුණු මාවත අද ඔබ.... යයි අවසන් ගමනේ ඔබ හා එන්නට මා පින් කර නැත (ඇයි අප වෙන් කෙරුනේ)..////