Font size:
බත් කට කට මගේ පුතේ ඔබට කැව්ව ලස්සන මතක් වෙනවා අකුර අකුර කියලා දුන්න ලස්සන මහපාරට වැටෙන්න මට ගැහුවත් ඔබේ අත්සන මහළු මඩම් නැත පුතුනේ අපි වෙනුවෙන් ඉදිවුණ.... විස්කිරිඤ්ඤා කහට එකේ පොඟවාගෙන කනකොට ගල් මොලේ මහ කළු ගල් කරේ තියන් යනකොට දුකක් හිතුනේ නෑ පුතුනේ නුඹත් යනවා ඉහලට දුක කියන්නේ කොහොමද මං අම්මත් නැති දරුවට... බත් කට කට... වංශය ගැන අංශකයක්වත් නොදන්න අපි වගේ පරම්පරා වරෙන්තු වුණ කොයිතරමක් ඇති රටේ නුඹ ඉගිල්ලුනේ කිරිල්ලියක් අරගෙන නොම්මර එකේ ඒ හින්දයි තාත්තාට උන්නු තැනත් නැති වුණේ... බත් කට කට...