Home/Songs/ඔබ යන්න ඉතින් පියඹා (මනමාලකම් මේ නාඩගම්)

ඔබ යන්න ඉතින් පියඹා (මනමාලකම් මේ නාඩගම්)

Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam)

Font size:
මනමාලකම් මේ නාඩගම් 
මට කියාදෙන්න හිතුනාම නම්
කටකාරනම් පුරසාරමින්
මම දිනාගත්තේ හරි සීරුවෙන්
මනමාලකම් මේ නාඩගම් 
මට කියාදෙන්න හිතුනාම නම්
ඔය ප්‍රේමයෙන් වැහිලා ඉඳන්
ඒ වැරැද්ද කරන්නේ මං.......

(ඔබ යන්න ඉතින් පියඹා
සදා දුන් ගින්න හිතේ රඳවා
සෙවණැල්ල වගේ ඉදලා
පියාපත් සින්ඳ මගේ කුමරා......//)

මනමාලකම්.....

listen කොච්චර කිව්වත් වෙන්නේ නෑ
කෙල්ලේ මං නම් ආයේ කවදාවත් එන්නේ නෑ
ඔයා කියන දේ වලින් වැඩක් නෑ
බොරුවට ඇඬුවට මම නම් දැන් හැරෙන්නේ නෑ.....

ඔබ යන්න ඉතින්......

(මම ගඟ ළඟ ඉඳගෙන දුන් පෙමින් පිරි චුම්බන මල් මාලා
ගෙට එනකොට දොරකඩ උන් අහිංසක මතකය මග දාලා.....//)
හැඩකාර නම් කටකාර නම් 
මට කඩයක් නැතිව මෙතනින් ප්ලීස් යනවානම්
නෑ හාදුවක් කිසි වාසියක් 
මගේ පර්ස් එකට විද්ද ඔයා මහ ඇණයක්
මාස දෙකක් තිස්සේ මං දැන් රිම් එකේ
ටැක්සි යූ මගේ ක්‍රෙඩිට් කාඩ් කැලේ
ට්‍රයිෂෝ එකේ යන්නේ නෝ පාර්කින් වැලේ
ඇඳුම් ටිකත් එහේ ඩෙනිම විතරයි ඉතුරු වුණේ......

ඔබ යන්න ඉතින්......//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.