Font size:
ගේ කිරිල්ලියේ නුඹ කොයි ඉසව්වද නොදනී අපි අපට අහිමි සඳ පැටවුන්ට නොවෙ ද රිදුණේ // ගේ කිරිල්ලියේ .... මහ රැයේ මගේ තුරුලට ගුලිවී උන් නුඹයි සොයා ඇඩුවේ සොඳුරී // දැන් කිරි වෙනුවට මුළු මහ රෑ ඇහැරී මම මගේ කඳුළු පෙව්වා සොඳුරී ගේ කිරිල්ලියේ ..... අප දෙමග ගියත් කුලගෙය ඇවිලී පැටවුන්ට විසයි ඒ දුක සොඳුරී // යස ඉසුරු මොටද සෙනෙහස ගිලිහී නුඹ උන්ට එකම අම්මා සොඳුරී ගේ කිරිල්ලියේ නුඹ ....
Singers
Data
Last updated May 2026