Home/Songs/ආඩම්බර සඳ සිරියහනට වැද

ආඩම්බර සඳ සිරියහනට වැද

Adambara Sanda

Font size:
ආඩම්බර සඳ සිරියහනට වැද
ඇයි අද මේ තරමට දඟ
කියන්න කියන්න කියන්න
කියන්න පුන්සඳ

කෞමතී මලක් යහනට එවන්නේ කවදද//

දොර සිදුරෙන් ආල කැළුම්
සිරි යහනේ අතුරලා
රෑ කුමාරි මල් සුවඳක්
සුළඟෙ එවයි දවටලා...
ඕ.... හොඕ...
හැමදාමත් සිහින වැලක්
ඉහ ඉද්දර බොඳ කලා....

නීල වලා කෙඳි අමුණා
යහන වටේ සරසලා
සිකුරු තරුව කැන්දාගෙන
යහනේ සරදම් කලා...
පිණි කඳුලක් තබා හොරෙන්
උදේම පිටමං වෙලා...

ආඩම්බර සඳ සිරියහනට වැද...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.