Home/Songs/ආදර ප්‍රිය ළදුනේ මට මුලු ලොවම ඔබයි

ආදර ප්‍රිය ළදුනේ මට මුලු ලොවම ඔබයි

Adara Priya Ladune Mata Mulu Lowama Obai

Font size:
ආදර ප්‍රිය ළදුනේ
මට මුලු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි //

කෝමල දෑසින් වත කමලේ
සිතුවිලි විහඟුන් අවදි කලේ //
මුව මදහාසේ .... සතුට ගෙනාවේ ....
මටම නොවේ දෝ

ආදර ප්‍රිය ළදුනේ .... //

ආදර රැහැනින් හද බැදුනේ
පැතු විලසින්දෝ පෙර භවයේ //
යොවුන් වසන්තේ .... පවන් සැලෙන්නේ
අපට නොවේ දෝ 

ආදර ප්‍රිය ළදුනේ ....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.