Font size:
මලකින් බේරෙන පැණි බිංදු මී මැස්සන් බඹරුන් කැන්දූ අත්තක මී වදයක් බැන්දූ ලස්සන කතන්දරේ - ලස්සන කතන්දරේ ගලේ පිපුන මල් සුවඳ නෑ ගල් මලෙ පෙති නෑ සුමුදු නෑ පැණි බේරෙන්නට රේණු නෑ මී මැස්සන් එන් නෑ මල් උයනක නම් පිපෙන් නෑ පැන් කළගෙඩියෙන් දොවන් නෑ නිල්වන් දෑසක රැදෙන් නෑ ලස්සන කතන්දරේ - ලස්සන කතන්දරේ සමනළයන් නැති - බඹරු එන්නෙ නැති මී මැස්සන් නැති - ගල් මලේ සුවඳ හමන්නැති - සුවඳ දැනෙන්නැති සුවඳ වෙලෙන්නැති ගල් මලේ කොහොඹ ගහේ බැන්දත් වදේ මී රස වෙන රසයක් නොදේ ගහෙත් තිත්ත එලෙසම රැදේ බැන්දට මී වදේ මලක සුවක් දන්නේ නෑ නිළ මැස්සො රොන් ගන්නෙ නෑ මිහිර රසයක් වෙන්නෙ නෑ ලස්සන කතන්දරේ - ලස්සන කතන්දරේ බඹරු ඇවිදින් මී වද බැන්දත් කොහොඹ ගසේ රස තිත්තමයි මී වදයට නෑ ඒකෙත් වෙනසක් දැනෙන්නෙ කඩාල ගත්තමයි
Singers
Data
Last updated May 2026