Font size:
මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම මට නොවෙද ළදේ වත මන කල් උකුළු මුකුළු පෙම - මුකුළු පෙම මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම මට නොවෙද ළදේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම - ලලිත පෙම කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා මට පෙම් මුතුලැල් පළඳනවයි කීවා සුර නඳුන් වනේ දේව ළඳුන් ආවා මට මල් සරගේ දුන්න අරන් ආවා කිඳුරු ලතාවිය - දිව්‍ය කුමාරිය මට මොටද ළදේ ඇත්නම් ඔබ දේහ සුරූපය සද්ධන්ත කුලේ ඇතා පිටින් එන්නම් රන් පාවඩ මත කැන්දා ගෙන යන්නම් රන් මිරිවැඩි රන් කසී සළුත් දෙන්නම් ගන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම් පොකුරු සිනාවයි - දෑස ඉනාවයි ගත සුවඳ කොකුම් බිඟු රොන් හද ගීත ලතාවයි
Data
Last updated May 2026