Font size:
රූ රූ රූ රූ....// චූටි චූටි බොනික්කෝ පාට පාට චූටික්කෝ සීතල පිනි බිඳු වැහි පෙණ පිංචි පැංචි පුංචි කිරිල්ලියෝ... හොට රතු කර ගීත ගයන පුංචි පැංචි පිංචි කිරිල්ලීයෝ... රූ රූ රූ රූ....// පැණි උරනා සමනලයා වහුට බයේ දුවන්නියෝ මල් ගොයමේ සරන්නියා පුතු කොහෙදැයි සොයන්නියා... කොයිද පුතේ ඇතින්නියා... රූ රූ රූ රූ....// හා හා හරි හාවා අන්න හේන දිගේ පඹයා මෙන්න වෙල දිගේ කොක්කු අන්න අපේ හොඳ අම්මා මෙන්න... කොයිද පුතේ කිරි මුට්ටිය... රූ රූ රූ රූ....// චණ්ඩි ගාව දඟ වැඩ නෑ තරු දරුවෝ හිනැහෙනකොට අම්මා මොකද බුම්මාගෙන ඔළුවේ ඉඳන් පොරවාගෙන අම්මා හුඟක් බය වුනාද... චූටි චූටි බොනික්කෝ...
Singers
Data
Last updated May 2026