තාර පැටියා (තත් තත් තත් තාර පැටියා)
Thara Patiya (Thath Thath Thath Thara Patiya)
Font size:
තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි (තාත්ති අතේ දොයිය පුතේ තාත්ති අතේ දොයි...//) (කිරට ගියා අම්මි පුතේ කිරි එරවා එන්ට පුතේ...//) කිරි මුට්ටිය අතින් පුතේ ගගේ වැටී දොයි අම්බිලියෝ පිනෝ පිනෝ වළං කඳක් ගෙනෝ ගෙනෝ (අන්න පුතේ මුවා වෙලා වළාකුලේ දොයි...//) තත් තත් තත් තාර පැටියා.... (ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා...//) ගලින් ගලට පනින්නෙ නෑ බබුට බයේ දොයි චූටි බබා කෝ කියා පුතාට දොයියන්න කියා (කෝකිලයා අන්න පුතේ දිවුල් ගහේ දොයි...//) තත් තත් තත් තාර පැටියා.... (දොමි තරිකිට තාං කියා තරිකිට තක දෝං කියා...//) වැල ගෙඩියක් ආං පුතේ ගහෙන් වැටී දොයි ඔන්න බබෝ බිලු එනවෝ අඬන ළමයි අල්ලනවෝ (අනේ මෙහේ එන්න එපෝ අපේ පුතා දොයි...//) තත් තත් තත් තාර පැටියා.... තාත්ති අතේ දොයිය පුතේ තාත්ති අතේ දොයි