Font size:
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම් සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම් ආල කතන්දර හොර රහසේ කියාවි නම් ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම් මියෙන තුරා ආදරෙයි කියන්නම් පාළුව මකනා කවියක් සේ ඇසේවි නම් මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම් ඔබ කිසිදා මා හිත නොතලා රැදේවි නම් මියෙන තුරා ආදරෙයි කියන්නම්
Singers
Data
Last updated May 2026