Home/Songs/බමුණා උනත්

බමුණා උනත්

Bamuna Unath

Music: ගුණදාස කපුගේ Lyrics: සුනිල් ආරියරත්න
Font size:
බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනූ 
සැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනූ
හෙළයා උනත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමලා උනත් විරුවෙකු නම් ගරු කරනූ

බුදු හිමි, ජේසු හිමි, නබි හිමි, වැඳ පුඳනූ 
දෑ ගොත් කුළ නොදුටු උන් බණ පිළිපදිනූ 
වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනූ 
වැදි බණ දෙසන සඟ ඝන උව පිටු දකිනූ 

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ 
පාවා දෙන එවුන් මූනට කෙල ගසනූ 
කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ 
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ 

රජකුගෙ උවත් වරදට කෑ මොර ගසනූ 
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ 
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ 
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.