Home/Songs/සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය

සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය

Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya

Font size:
සිව් අකුරකි එක වදනකි
එය නම් ආදරය
චපල ළඳුන් නම් නොදනිමි
එහි තිබෙනා හරය
නිමල හිතට චපල හිතක් ඇත්තයි
බොහො දුරය
පින් සිදුවෙයි කියා දෙන්න
බොරුවද ආදරය
සිනාසෙන්න වරයක් දී
හඬන්න මඟ සැලසූ
ආදරයෙන් පැතුමක් වී
නෙතේ  කඳුළු තැවරූ
දිවි ගෙවන්න අත්වැල
දිවි මඟකදි වී නපුරු
මනමෙ කුමරි ඔබම තමයි
නැතිනම් වෙන කවුරු
මගේ හිතේ පැතුමක් නෑ
සත්තකින්ම ඇත්තයි
ජීවිතයම දුක් කඳුලට
දුන්නේ ඒ හින්දයි
මොන දේවල් අහිමි උනත් කම් නෑ එය සත්තයි
ඔබ සතුටින් දිවි ගෙවන්න එකම මගේ පැතුමයි

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.