Home/Songs/පා සලඹේ හඩ

පා සලඹේ හඩ

Pa Salambe Handa

Music: ආර් එන් ජී රාජපක්ෂ Lyrics: අන්ජුල ප්‍රියන්ත
Font size:
පා සලඹේ හඩ නොඇසී අතරමං වෙලා
නෙතු අතරේ කදුලු බිංදු මංමුලා වෙලා
පාලු රැයේ දෑස පලා කඳුලු ඇහැරිලා
අහිමි සෙනේ .. අහිමි සෙනේ විඳවන දුක් සැමරුමක් වෙලා

එක මොහොතට එක හුස්මක් ගන්නා විට මම
දහස් වරක් ඔබ සක්මන් කළා හිත යට
සසර පුරා මගෙ අහසේ පෑයූ පුන් සඳ
තව අඳුරක එලිය උනේ කොහොමද රන් කඳ
කොහොමද රන් කඳ

එක අහසක වළාකුලක් වෙලා සිසිල දෙන 
ඉන්න පැතුවෙ හැමදාමත් ඔබේ ළගින් මම
සංසාරේ පුරා හිතමි අන් සතු ඔබ ගැන 
දුරින් ඉඳන් විද ගන්නං ඔබ දුන් දුක් කඳ
ඔබ දුන් දුක් කඳ

පා සළඹේ ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.