Home/Songs/සැක කරලා

සැක කරලා

Saka Karala

Music: රධීෂ් වැන්දබෝනා Lyrics: සජිත් චතුරංග
Font size:
සැක කරලා හිත මාගේ පොඩි දේටත් ඔබ පෙර දිනයේ
සුල මුල හොයලා රණ්ඩු නොවී අපි විසඳගත්තා නම්
ඔබ නැහැ වෙනතක යන්නේ තනිකරලා හදවත මාගේ
දුරදිග හිතලා ඉවසීමෙන් අපි දිවිය ගෙව්වා නම්
බිඳුවක් කියන්න හිතලා රහසින්වත් එදා
නපුරක් ඔබහට කරලා තිබුණාද හිතකින්වත් මා
තේරුම් ගියොත් මම නිදොස් බව ඔයා
වේගෙන් යලිත් එන්න මා වෙත සොයා........

සතුටින් ඉන්නවා දැකලා අපි දෙදෙනා දෙස පෙරදා
බලන් ඉන්න බැරි හැමදෙනා 
කේලම් ඔබ හට කියලා
හිත බිඳෙනා බොරු ගොතලා එපා කළ නමුත් ඔබට මා
බිඳුවක් කියන්න හිතලා රහසින්වත් එදා
නපුරක් ඔබහට කරලා තිබුණාද හිතකින්වත් මා
තේරුම් ගියොත් මම නිදොස් බව ඔයා
වේගෙන් එන්න යලිත් මා වෙත සොයා........

අලුතින් ඇති තැන ඔහු හා වරදින්නට ඉඩ නොතියා
හොඳින් ජීවිතේ ඇතිතුරා 
ඉන්නට පතනෙමි හැමදා
වැඩිකල් ඔබ දෙපලට මා අයිති නැති වුණත් ඔබ සදා
බිඳුවක් කියන්න හිතලා රහසින්වත් එදා
නපුරක් ඔබහට කරලා තිබුණාද හිතකින්වත් මා........

සැක කරලා.......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.