Font size:
තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඩ පැතිරෙනවා සඳලුතලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟසුඟ නටවනවා කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති නළ වතුරෙන් සැනහෙන දරුවෝ ගොයම් නැටුමකට දෑකැති ලෙළවති කුඹුරක් ඇස නොගැටුන දරුවෝ දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරළිය හිමි නැති අපේ ළමයි හේනට කුඹුරට ගත සවි දියකර කරළිය අබියස බලා හිඳී
Singers
Data
Last updated May 2026