Home/Songs/පුන් සදෙන් රැස් ගං තෙරෙන්

පුන් සදෙන් රැස් ගං තෙරෙන්

Pun Sanden Ras Gan Theren

Font size:
පුන් සදෙන් රැස් ගං තෙරෙන්
කොත් කැරැල්ලෙන්  බෝ මළුවෙන්
සීත සමීරෙන් චන්දන කල්කෙන් 
සතුට උදා වේවා මිහිර බෙදා දේවා

හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත 
පෝය දාට පෑ හඳ වාගේ
හදට  හදක් නැත මෙහෙම හදක් නැත
මිහිකත සනසන හද වාගේ

පුන් සදෙන් රැස් .......

සකුසද කෝනාගම සහ කස්සප
ගෞතම බුදුවරු දැක්ක සදේ
මතු බුදු වනු මෙත් හිමිගේ මහිමේ
බුදුරැස් දකිනා සුපුන් සදේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.