Home/Songs/සපුමල් සුවඳ වගේ

සපුමල් සුවඳ වගේ

Sapumal Suwanda Wage

Font size:
සපුමල් සුවඳ වගේ
හොරෙන් හොරෙන් හොරෙන් ඇවිදින්
මේ පාළු රෑ යාමේ
හෙමින් හෙමින් හෙමින් ඇවිදින්

පිය නගමු අපි තරු හිනැහෙන හෝරාවේ
බොහෝ ගිනි ඇවිලී
පාළු කිපෙනා නුඹේ වත මඬලේ

අප හැඩූ තරම් ලොව නැහැ දන්නේ //
සඳ බලා හිඳී //
අපේ සුසුම් ඉවසනු බැරි වී

සඳ අහිංසකයි නොවැ අපි වාගේ //
හෙමින් හෙමින් ඇවිදින්
පිය නගමු අපි
හදේ හිරු ඇහැරී ගනී බිඳී ලොව
කලඹවා රහසේ
ම්ම්ම් ....
කටු වැටට උඩින් පිය නගමු අපි
සත් සියක් අරවින්ද හිනැහේවි
ම්ම්ම් ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.