Home/Songs/සිටු මැදුරේ හෝ

සිටු මැදුරේ හෝ

Situ Madure Ho

Music: සරත් දසනායක Lyrics: සෝමපාල රත්නායක
Font size:
චිත්‍රපටය : නිල්ල සොයා (1976)

සිටු මැදුරේ හෝ පුංචි පැළේ හෝ
ඈත භවේ හෝ මා ඔබ හමුවී තිබුණා
(හමුවී දෙඩුවා හිනැහී හැඬුවා...//)

මංපෙත අහුරා ඉන්න එපා
පා මත මල් පෙති පළ නොහෙළා
දුක් පීඩාවන් දෙන්න එපා
දෙදෙනා හමු කොට තප නොහැරා
කවදා හෝ දෙදෙනා හමුවී තිබුණා
හමුවී දෙඩුවා හිනැහී හැඬුවා

සිටු මැදුරේ හෝ....

අන් සරණක් නෑ ඔබෙන් හැරා
ඔබමය පිළිබඳ සිත් ගත්තේ
එක් වන්නට නම් එක මත්තේ
යමු යළි ඉපදෙන රට පැත්තේ
කවදා හෝ මා ඔබ හමුවී තිබුණා
හමුවී දෙඩුවා හිනැහී හැඬුවා

සිටු මැදුරේ හෝ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.