Home/Songs/රුවන් පුරය

රුවන් පුරය

Ruwan Puraya

Music: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි 
ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි
රූ ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි

(රුවන් පුරේ කළු ගං රැජිනී 
බඳ ලෙලවා රඟට ගලන්නී...//) 
(රුවන් පුරේ සිරියාවයි 
සමන් දෙවිඳු කරුණාවයි...//) 
(රුවන් පුරය අපේ ගම තමයි...//)

ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි...... 
 
(සිරිපා නඩ යන එන ගමනේ 
විඩා නිවා ගෙන සිත තුටිනේ...//) 
(සමන් දෙවිඳු බලන රටයි 
ලොව සැම තැන පතල නමයි...//) 
(රුවන් පුරය අපේ ගම තමයි...//)  

ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.