Home/Songs/ආත්ම ගණනක සිතිවිලි අතරේ

ආත්ම ගණනක සිතිවිලි අතරේ

Athma Gananaka Sithiwili Athare

Font size:
ආත්ම ගණනක සිතිවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ //

සඳවත පායන රෑ කල අහසේ
කැලතී කැලතී සිත් යහනේ //
මහ ද ඇදෙන්නේ ඒ ඔබේ  රූපේ ද
පාළුව තනිකම පටලාලා

ආත්ම ගණනක ....

මිනිසත් භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ //
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවන ද ඔබෙ ප්‍රේමේ

ආත්ම ගණනක .......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.